Saturday, December 20, 2014
දෙමල ජාතීවාදීන් විසින් විනාශ කරනු ලැබූ ත්‍රිකුණාමලයේ ගෝකන්න විහාරය–Buddhist temple but now turned into a Hindu Kovil (KONESHWARAM)
According to the chronicles the Gokanna Vihara was built by the king Mahasen in 3rd century. De Queyroz, a Portuguese historian says that the Gokana Vihara was a Buddhist temple until it was destroyed by Portugeese in the 16th century. According to him the Pagoda or the Stupa of the temple was destroyed by Portuguese Trincomalee’s ruler Costantino da Sa while Buddhist monks were still in residence there. Therefore, it is clear that the Gokkana Vihara was intact until it was destroyed by Portuguese in 16thcentury and was until then a famous Buddhist temple.
කොනේශ්වරම් කෝවිල මුහුද පාමුල ඇති විනාශ කරන ලද පුරන විහාරයේ කොටස් -Destroyed Old Temple Now in The Sea Bed
අතිතයේ ගෝකන්න විහාරය 1959 දි පමන බිමට සමතලාකොට කෝනේශ්වරම් හින්දු දෙවොල තනා ඇත. පුදුමයට කරුන නම් ලන්කාවේ මහ ජාතිය වෙන සින්හලයාට් මේවා නොපෙනිමය.
අතිතයේ ගෝකන්න විහාරය 1959 දි පමන බිමට සමතලාකොට කෝනේශ්වරම් හින්දු දෙවොල තනා ඇත. පුදුමයට කරුන නම් ලන්කාවේ මහ ජාතිය වෙන සින්හලයාට් මේවා නොපෙනිමය.
ගෝකන්න විහාරයේ නටබුන් මත වර්තමානයේ කෝණේස්වරම් කෝවිල ගොඩ නැගී ඇත
ත්‍රිකුණාමලය පුරානයේ හදුන්වා ඇත්තේ ගෝකන්න තොට නමිනි. ලෝකයේ ඇති ස්වභාවික වරායන් අතරින් ප්‍රධාන පෙලේ වරායක් වන ත්‍රිකුණාමල වරාය ඈත අතීතයේ සිටම විදේශීය වෙළද කටයුතු මධ්‍යස්ථානයක් විය. ඉතිහාසය දක්වන්නේ රාවනා රජුගේ කාලයේ අවධානයට ලක්වු පුරවරයක තොරතුරු හා බැදුන වෘත්තාන්තයන්ය. වර්තමානයේ කෝණේස්වරම් කෝවිල පිහිටි ස්ථානයයේ රාවනා රජු විසින් ඉදිකරන ලද සූර්ය දේවාලයක් තිබු බවද කියවේ. පසුව එය ගෝකන්න විහාරය වූ බවත් සමහරැ කියති. මෙම විහාරය පෘතුගීසින්ගේ රාජ්‍ය සමයේ ගිණි තබා විනාශ කර ඇත. අටවන සියවසේදී පස්වන අග්බෝ දි රජු විසින් මෙම විහාරයේ කරන ලද පඨනාගරයේ පාදම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෑතකදි මතු කරගෙන ඇත. මේ සමග බුද්ධ පතිමා සහ පුරා වස්තු රාශියක්ද මතු කර ගත් බව සදහන්ය. මේ සියල්ල ප්‍රභාකරන්ගේ ඉතිහාසය වැලලිමේ ව්‍යාපෘතිය යටතේ කොන්ක්‍රීට් ආස්තරයකින් වැසී ගිය බවද පැවසේ. ගෝකන්න විහාරයේ නටබුන් මත වර්තමානයේ කෝණේස්වරම් කෝවිල ගොඩ නැගී ඇතැයි පැවසේ. ක්‍රි.ව 1753 දී සියම් රටෙන් අපට උපසම්පදාව රැගෙන ආ උපාලි මහතෙරුන් වහන්සේ ඇතුළු භික්‍ෂුන් වහන්සේලා “ඔස්කා බෙල්” නැවෙන් ලංකාවට ගොඩ බැස්සේ ත්‍රිකුණාමලයෙනි. උන්වහන්සේලා පිළිගැණීමට කන්ද උඩරටින් රාජ්‍ය නිළධාරීන් පැමිනෙන තෙක් ත්‍රිකුණාමලයේ දින කිහිපයක් රැදී සිටි බවද පැවසේ.මේ බව සිහි කිරීමට රෝපනය කල බෝ පැල හතරක් අදත් සිහිවටනයක්ව අතු පතර විහිදවමින් ඇත.
කොනේශ්වරම් කෝවිල වූ පුරාණ ගෝකන්න විහාරය
1. කොනේශ්වරම් කෝවිල සහ පුරාණ ගෝකන්න විහාරය
ගෝකන්න විහාරය යනු අවරුදු 1800 ක් ඔබ්බට ගිය ඉතිහාසයක් උරුම පුරාවිද්‍යාත්මක සහ ආගමික වටිනාකමක් ඇති පුදබිමකි. විවිධ වූ මුලාශ්‍ර ගණනාවක ගෝකන්න විහාරය සම්බන්ධ ඉතිහාස සිද්ධීන් ගණනාවක් ඇත. නමුත් ශෝකයට කරුණ වන්නේ එවන් ඉතිහාසයක් හිමි ගෝකන්න විහාරයට හිමි භෞතික ස්ථානය සහ නටඹුන් අද වන විට ඉතිහාසයෙන් මකා දමා ඇති බව අද බොහෝ දෙනා දන්නේ නැති කරුණක් බවට පත්වී ඇති නිසාය. ඔබ කොනේශ්වරම් කෝවිල වන්දනා කරන්නට යන්නේ නම් ඔබ යන මාර්ගයේ වම් පසින් නුතන ගෝකන්න විහාරය දකින්නට ලැබෙනු ඇත. නමුත් එහි මුල් ස්ථානය අද කොනේශ්වරම් කෝවිල ඇති ස්ථානය බව පවසන මුලාශ්‍ර එමට ඇත. දොළොස්වන සියවසේ මුල් භාගයේ ආරම්භ වන මෙහි ඉතිහාසය තහවුරු කරන කිරීම සක්ෂයක් අද දකින්නට ඇත.
1600 ගණන්වල පරංගින් විසින් කොන්ස්තන්තිනො දී ස යන පුද්ගලයාගේ නායකත්වයෙන් ගල මුදුනේ තිබු ස්තුපය සම්පුර්ණයෙන්ම විනාස කර ඇත. නමුත් ස්තුපය ඉදිරිපිට තිබු බෝධිය විනාශ කර නැත. කාලයාගේ ඇවෑමෙන් ප්‍රදේශයේ ද්‍රවිඩ ඝනත්වය වැඩිවෙන විට ඔවුන් ගල මුදුනේ තිබු ගසකට වන්දනාමාන කරන්නට පටන්ගෙන ඇත. මෙම ගස තිබු තැන ඇති ගසෙහි අදත් මිනිසුන් බාරහාර වීමට පැදුරු ගැට ගසති. කෙසේහෝ කාලයත් සමග ක්‍රමක් ක්‍රමෙන් මෙම ස්ථානය හින්දු කෝවිලක් බවට පත්වී අනතුරුව 1950 දශකයේදී පුරන ස්තුපය තිබු ස්ථානයේ තිබු ශෙලයමය අවශේෂ විනාශ කොට(ඇතැමෙක් පවසන්නේ නුදුරු මුහුදට දැමු බවය) අද පවත්නා කෝවිල ඉදි කල බවය. නමුදු අතිශය කණගාටුදායක කරුණ වන්නේ එහි තිබු පුරාණ බෝධියද මේ සමගම විනාශ කෙරිමය. ඉන් අනතුරුව බෝධිය තිබු ස්ථානය සම්පුර්ණයෙන්ම ඝන සිමෙන්ති ස්තරයකින් වස ඇත. මේබවට අදටත් කෝවිල ඉදිරිපිට ඇති ඝනකම් සිමෙන්ති ස්තරය සාක්ෂි දරනු ඇත.
අප කෝවිල වටා ඇවිදින විට අහම්බෙන් මෙන් පුරාණ නටඹුමක අවශේෂයක් දකින්නට ලැබුණි. පහත දක්වා ඇත්තේ එහි පින්තුරයකි.
මෙම ලිපියේ අරමුණ අද පවතින කෝවිල කඩා පුරාණ නටබුන් මතුකර ගැනීම නොවේ. නමුත් කෝවිලට යටවූ සත්‍ය පැහැදිලි කිරීමට කරන ලද තැතක් ලෙස මෙය දැක්විය හැකිය. අනාගතයේදී මෙවන් දේ නොවීමට අතීතයේ සිදු වූ මෙවන් සිදු වීම් අප හොඳින් දැනගෙන සිටීම අතිශය වැදගත්ය. එවිට ආගමික ගරුත්වය රැකගෙන දෙපාර්ශවයටම සිටිය හැකිය.
2. Hoods Tower – හූඩ්ස් ටවර්, ත්‍රිකුණාමල නාවික හමුදා කදවුරු කෞතුකාගාරය
හූඩ්ස් ටවර් යනු බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් වාරයේ ආරක්ෂාව පිණිස ඉදිකළ ආරක්ෂක කුලුනකි. මෙය තට්ටු කිහිපයක් උස අතර මුදුනට ගිය විට විශාල ප්‍රදේශයක් එක විට නිරීක්ෂණය කල හැකිය. ඇත් තුඩුව පසෙකින් පිහිට ඇත. මෙහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම වන්නේ බ්‍රිතාන්‍යන් විසින් මෙය ඉදිකර ඇත්තේ පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමභාහු රජු ඉදි කල බලකොටුවක් මත වීම නිසාය. බ්‍රිතාන්‍යන් විසින් මෙහි අංග සම්පුර්ණ බලකොටුවක් ඉදිලා නිසා අද වන විට පුරාණ බලකොටුවේ කිසිදු ශේෂයක් දැකගත නොහැකිය. බුරුමය ආක්‍රමණය කිරීමට රජු සෙන සංවිධානය කලේ මෙහි සිට වන්නට ඇත. ඇත් තුඩුව වනාහි යුද්ධයට රැගෙන ගිය ඇතුන් නෞකා වලට පැටවූ ස්ථානය බවට ජනප්‍රවාදයේ සදහන්ය. කෙසේ වෙතත් අදත් ශක්ති සම්පන්නව නැගී සිටින හූඩ්ස් ටවර් පාදමෙහි ශක්තිමත් ගල් කණුවක් දෙකක් තවමත් නිහඩව අතීත ශ්‍රී විභූතියට නිහඩව ශාක්ෂි දරණු ඇත.
අනේ මෝඩ සින්හලයො………………කවදා උබලගේ ඇස් පෑදේවිද?
අපි නුවර යන කොට උජාරුවෙන් කතා වෙන්න ඩෝසන් නැමති පර සූද්දා සිහිවිමට තැනු ඩෝසන් කුලුන ගැනයි.එ මදිවට පොඩිඋන්ගේ හිතටත් ඒ පර ගැති අදහස් ඇතුලූ කරයි.බටහිර ජාතියක් ආසියාවෙදි ලැබු අතිවිශාල පරාජය ගැන උන්ට ඒ පරාජය ලැබුන මුල්ලේරියාව වෙල ගැන ඒ විරුවන් ගැන කොච්චර ආඩම්බරයෙන් කිව හැකිද?(කියන්න අපේ වැඩිහිටියන් දැනගෙන තියෙන්න ඔනනේ)
අන්තිමට කියන්න ඕන උන් මුල්ලේරියාවේදි ලබාගත් පරාජය වහ ගන්න ඒක අමතක වෙන්න පහු කාලයක මුල්ලේරියාව අසලින්අන්ගොඩ හැදුවා පිස්සන් කොටුව.දැන් ඉතින් අපේ මෝඩ සින්හලයන්ට අන්ගොඩනම ඇහුනත් හිතට එන්නෙ සුද්දන් පරාජය කල අභිමානය නොව පිස්සන් ඉන්න තැනක් යැයි හීනමානයකි.අනේ මෝඩ සින්හලයො………………කවදා ඇස් පෑදේවිද?
අන්තිමට කියන්න ඕන උන් මුල්ලේරියාවේදි ලබාගත් පරාජය වහ ගන්න ඒක අමතක වෙන්න පහු කාලයක මුල්ලේරියාව අසලින්අන්ගොඩ හැදුවා පිස්සන් කොටුව.දැන් ඉතින් අපේ මෝඩ සින්හලයන්ට අන්ගොඩනම ඇහුනත් හිතට එන්නෙ සුද්දන් පරාජය කල අභිමානය නොව පිස්සන් ඉන්න තැනක් යැයි හීනමානයකි.අනේ මෝඩ සින්හලයො………………කවදා ඇස් පෑදේවිද?