Tuesday, September 9, 2014
Trincomalee, in history
Gokarna in Trincomalee, Mantota in Mannar and Dambakolapattuna in Jaffna, among other sea-ports of Sri Lanka, had been great ports of ancient Three Sinhala since 543 B.C. Trincomalee or Gokanna or Gokarna or Siri Gonamala as the ancient sea-port town was recorded in the historical chronicles of Sri Lanka, is the harbor where Prince Panduvasudeva, King Vijya’s nephew sailed into Sri Lanka from Sinhapura, India. “Badda Kachchayana who later became the queen of King Panduwasdeva (505-474 B.C.) with her party of royal maidens too landed in Siri Gonamala harbor. She was a sister of Prince Digha, the founder of Dighavapi.In an essay entitled, Aryan settlements and early kings, published in the Concise History of Ceylon by Sri Lanka’s foremost historian a pre-eminent archeologist Dr. Senarath Paranavithana writing about the king who ruled Ceylon (Sri Lanka) after the first king Vijaya said, “Panduvasdeva with thirty two followers, it is said, arrived in Ceylon in the guise of mendicant monks. They landed at the mouth of the Mahakandara River at the port of Gokanna, the modern Trincomalee according to the commentator of the chronicle (Mahavamsa)”.
Saturday, September 6, 2014
ගොඩවාය වරාය සහ මිරිස් ගල
ගොඩවාය වරාය සහ මිරිස් ගල
ගොඩවාය තියෙන තැන මෙතන සිතියමේ තියෙනවා. “මාතර හම්බන්තොට පාරේ අම්බලන්තොට නගරයට යාමට පෙර දෙහිගහලන්ද හන්දියෙන් වමට ඇති පාරේ සැතපුම් 1 1/2 ක් පමණ ගිය විට මේ පුදබිම හමුවේ.“ කියලා මාස්ගුරු වෙබ් අඩවියේ තැනක තිබුනා.
වලවේ ගංගා මෝය සමීපයේ පිහිටි ගොඩවාය විහාරය ක්‍රි.පූ. 2 වන සියවසේ දී රෝහණයේ රාජ්‍යය විචාල ගෝඨාභය රජු විසින් ඉදි කරවූ බව පිළිගැනේ. මෙම භූමියේ ඇති ක්‍රි.ව. 2 වන ශත වර්ෂයට අයත් Iවන ගජබා රජුගේ (ක්‍රි.ව. 112 – 134) ගොඩවාය ශිලා ලේඛනය අනුව අසල වූ ගොඩපවත වරායේ තීරු බදු විහාරයට පූජා කර ඇත. මෙම ප්‍රදේශයේ පැරණි වරායක් තිබූ බවට මෙතෙක් සොයාගෙන ඇති එකම ලිඛිත සාධකය මෙය වේ. මෙම භූමියේ සිදු කරන ලද පුරාවිද්‍යා කැණිම් මගින් ලැබී ඇති රෝම කාසි හා අනෙකුත් විදේශීය කාසි මගින් සනාථ වන්‍නේ මෙකී ස්ථානය වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ බව ය. ගෝඨපබ්බත විහාරයේ ශේවිත සාධක ලෙස ශිලා ස්ථම්භ, කණු පාදම්, ගඩොළු ස්මාරක ආදිය හඳුනාගත හැකි ය. මෙකී ශිලා ලේඛන හා වාස්තු විද්‍යාත්මක සාධක අනුව පැහැදිලි වන්නේ එකල නොමඳ රාජ්‍ය අනුග්‍රහය ලද විහාරස්ථානයක් බව ය. මේ විස්තරය තිබුනෙ ලංකාවෙ පුරාවිද්‍යා දෙපාර්ථමේන්තු වෙබ් අඩවියේ.
මෙන්න මේ ගල් බංකුව හොයාගෙන තියෙන්නෙ ගොඩවාය මුහුදේ කිමිදුන තරුණයන් දෙදෙනෙක්. මෙ ගල් බංකුව වගේ බංකු කිහිපයක්ම මේ අවට විහාරස්ථාන ආදියෙන් සොයාගෙන තියෙලු. මේ ගැන අදහස් දක්වන විද්‍යාඥයින්ට මේක මොකක්ද කියලා හොයාගන්න බැරිවෙලා තියෙනවා. නමුත්, හිරු නිවුස් අඩවිය අපූරු නිවුස් එකක් දාල තිබුනා මෙන්න මේ විදියට.
ගොඩවාය මුහුදේ නැවේ මිරිස් ගලක්.
2013 ජනවාරි 12 සෙනසුරාදා- පෙරවරු 08:18
කි‍්‍ර.පූ. 1 වන සහ 2 වන සියවස අතර කාලයේ ගොඩවාය වරාය ආශ‍්‍රිත මුහුදේ දී ගිලී ගිය ඉන්දියන් සාගරයෙන් දැනට හමුවූ පැරණිතම නෞකාව පිළිබද සිදුකළ පරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ඊයේ (11) එළි දැක්වුණා. සිදුකරන ලද පරීක්ෂණවලදී කි‍්‍ර.පූ. 2 වන සහ 3 වන සියවසට අයත් යැයි සැලකෙන ඇඹරුම් ගලක් එහි තිබී හමුවී තිබෙනවා. ප‍්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඔස්මන් ඞී. බෝපේආරච්චි සඳහන් කළේ නෞකාව පිළිබද පරීක්ෂණ තවදුරටත් සිදුකරන බවයි.
මම හිතන්නෙ මේ හිරු නිවුස් අය හොයාගන තියෙන මිරිස් ගල අර කලින් කිමිදුම් තරුණයින් දෙදෙනා විසින් සොයාගත්ත ගල් බංකුවක් හැඩැති ගල් කොටස වෙන්න ඕනි. මේ හිරු නිවුස් එකේ හැර වෙන කිසිම තැනක අන්තර්ජාලයේ සඳහනක් නැහැ ගොඩවායේ ජනතාව අතීතයේ මිරිස් ඇඹරුවා කියලා හොයාගතපු සඳහනක්.
ගොඩවාය වරාය කියන්නෙ නූතන ඉදිවුන හම්බන්තොට වරායට බොහොම කිට්ටුවෙන් තිබෙන වරායක්. ඒ නිසාම පසුගිය කාලෙ ගොඩවායටත් ගොඩවායෙ පුරාවස්තු වලටත් ඉහල දේශපාලනික වටිනාකමක් ලැබුනා. නමුත් මේ ගොඩක් දේවල් ගැන පරීක්ෂන නිවැරදිව සනාථ කරගන්න තිබෙනවා.කොහොම වුනත් සමහර රජයේ ආයතන වල බොහොම කීර්තිමත් නිළධාරින් පවා ඉන්න මානසිකත්වය තමයි හම්බන්තොටින් හමනවානම් පඩගඳත් සුවඳයි කියන තැන. අපේ රටේ නිලධාරියෙක්ට තිබුන තැන කොයිතරම් බාල්දු වෙලාද කියලා මේ වගේ කතා පත්තර වල යනකොට අපිට පේනවා. ගමේ කෝපිකඩේක ඉන්න අබිලිං වගේ හිතුන බේගලයක් ඇද බාන තත්වයට රාජ්‍ය නිලධාරින් පත්වීම බොහොම කණගාටුදායකයි.
රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිනී කියන මහත්මයත් අලුත් දේවල් හොයාගෙන තියෙනවා. ඒ මහත්මයා මේ දිවයින පුවත්පතට ලියපු ලිපියෙ රචනා ශෛලියෙන්ම තේරුම් යනවා මේ ගොඩවාය වරාය ගැන එතුමාගේ ආකල්පය.
මේ ගොඩබිම් සේද මාවතේ තිබු බිහිසුණු බව නිසාත් මේ කාලය වන විට රුවල් නැව් සොයා ගැනීමත් සමගම චීනයේ සිට මලක්‌කා සමුද්‍ර සන්ධිය පසුකර ඉන්දුනීසියාව, සිංගප්පූරුව ආදී රටවල් හරහා පැමිණි රුවල් නැව් යුරෝපයට යාමේ දී වැදගත් සන්ධිස්‌ථානයක් ලෙස තෝරා ගත්තේ දකුණේ ගොඩවාය වරායයි. චීනය හා මධ්‍යධරණී මුහුද යා කරන වැදගත් සන්ධිස්‌ථානයක් ලෙස පතලව තිබූ නිසාදෝ ඈත අතීතයේ සිටම මහා පරිමාණයේ විශාල නෞකාවෝ ගොඩවාය මුහුද අද්දරින් ගමන් කරන්නට වූහ. මේ නිසා ඈත අතීතයේ පටන් දකුණු මුහුද ප්‍රදේශයේ සිදුකළ නාවික කටයුතු පිළිබඳ වැදගත් ඓතිහාසික තොරතුරු රැසක් දකුණු ප්‍රදේශයේ මුහුදු පත්ලෙන් හමුවෙමින් පවතී. අවුරුදු දෙදහසක් පමණ පැරණි නැවක නටබුන් ගොඩවාය ආශ්‍රිත මුහුදු පතුලේ තිබී හමු වීමත් සමග මෙම මතය තවත් තහවුරු වන්නට විය.
ඇහින් දුටුවා සේ කියන මේ විස්තර සනාථ කරන්නට කිසිදු සාධයක් ඉදිරිපත් කොට නැහැ. ක්‍රිස්තු වර්ශ 1000ට පෙර පැවති මුහුදු සේද මාවත ගැන අන්තර්ජාලයේ අඩංගු තොරතුරු අනුව ඒ මුහුදු සේද මාවත බොහෝ විට ගමන් කරන්නේ පෝක් සමුද්‍ර සන්ධිය හරහා වෙයි. නමුත් ගොඩවාය අයිති වන්නේ ක්‍රිස්තු පූර්ව 2වන සියවසත් ක්‍රිස්තු වර්ශ 6වන සියවසත් අතර කාල පරිච්චේදයට. මේ ගොඩවාය කියන තැන නිවැරදිව ගවේශණය කලොත් අපිට මුහුදු සේද මාවතේ එක් මංකඩක් විදියට ලංකාවෙ ගොඩවාය වරාය දක්වන්න පුලුවන් වෙයි. ඉන් පස්සෙ අපි මෙතෙක් මුහුදු සේද මාවත කියල විශ්වාස කරන නාවුක මාර්ග සිතියම වෙනස් කරන්නටත් සිද්ද වේවි.
ගොඩවාය වරාය ආශ්‍රෙයන් කාසි ආදිය බොහෝ සොයාගත්තා යැයි කිවුවත් ඒ රෝම කාසි රෝමයේ කිනම් යුගයට අයිති දැයි දැක්වෙන්නේ නැත. සොයාගත් මැටිබඳුන් ආදිය මෙරට නිපදවන ලද ඒවාද නැතිනම් පිටරට ඒවාද යන්නද සඳහනක් නැත. ගොඩ පුවත නැමැති ගොඩපබ්බත විහාරයේ ඇති සෙල්ලිපිය වැදගත් එකකි. ඒ ගොඩ පුවත සෙල්ලිපියේ වරායේ බදු අය කල බවත් ඒ බදු සියල්ල විහාරයට කැප කර ඇති බවත් සඳහන්ය. මේ කාලය තුල රුහුනු දේශයේ රාජ්‍යය ප්‍රබල බවට අපිට වංශකතා අනුවද නිගමනය කල හැක.
මේ ගොඩපබ්බත විහාරයේ තියෙන ගොඩ පුවත කියන සෙල්ලිපි හොයාගත්ත කාලෙ ලොකු ආන්දෝලනාත්මක සිද්ධියකුත් වුනා. මේ සෙල්ලිපි වල තියෙන කාරණා කාරනා අපේ පරණවිතාරණ උන්නැහේ විසින් බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙද්දිත් ටැමිල් නෙට් අඩවිය මේ ගොඩවාය කියන්නෙ දෙමල පොට් එකක්ය. එතන තියෙන සෙල්ලිපියේ දෙමල අකුරු තියෙනවා ය කියලා කියන්න සෝබන උත්සාහයක් අරං තිබුනා. මේ ටැමිල් නෙට් අඩවිය ලංකාවට බ්ලොක් කරපු එක මහ ගොන් කමක්. ඒ තියෙන කරුණු මොනවද කියලා බලලා ඒවාට උත්තර දෙන්න තිබුන හැකියාව බ්ලොක් කරපු නිසා අපිට නැති වෙනවා. ටැමිල් නෙට් එක ඕපන් තිබුනා නම් අපිට සාධක සහිතව අඩුතරමෙ බ්ලොග් ලිපියක් ඉංගිරිසියෙන් ලියලා හරි අභියෝග කරන්න තිබුනා.
මේ ගොඩවාය කියන තැන වරායක් තිබුන බවට පිළිගත හැකි ජැටියක සලකුනු සොයාගෙන තිබෙනවා. ඒ වගේම කාසි මැටි බඳුන් ආදියත් විශාල වශයෙන් හමු වෙලා තිබෙනවා. පසුගිය කාලෙ මෑත කාලිනව කල ගවේෂණ වලින් පස්සෙ ඒ කාලෙ නැංගුරමක් කියලා සැක කරන්න පුලුවන් ත්‍රිකෝණාකාර ගල් පුවරුවක් පවා ගොඩවායෙන් සෙයාගෙන තිබුනා.
මහාවංශයේ දැක්වෙන පරිදි ක්‍රිස්තු වර්ශ බිංදුවට ආසන්න කාලසීමාවේ ලංකාවේ රජකරලා තියෙන්නෙ භාතිකාභය කියන රජතුමා. ඒ රජතුමා රෝමයේ ක්ලොඩියස් රජතුමා එක්ක සම්බන්ධතා තිබුනා කියලා වෙබ් අඩවියක තියෙනවා. නමුත් ක්‍රිස්තු වර්ෂ බිංදුව කාලෙ රෝමෙ ක්ලොඩියස් රජෙක් ඉඳලා නැහැ. මෙතන පොඩි අවුලක් තිබෙනවා. මෑතක ගිය සති අන්ත පුවත්පතක කියා තිබුනා මෙවැනි අවුලක් දේවානම්පියතිස්ස සහ ඉන්දියාවේ අශෝක රජතුමා අතරත් තිබෙනවා කියලා. ඉන්දියාව සහ ලංකාව යන රටවල් දෙකේ වංශ කතා වල කාල වකවානු අනුව ඒ දෙන්නා එකම කාලයකදි හමුවන්නෙ නැහැලු. ඒ පුවත්පත් ලිපියේ නම් සඳහන් වුන විදියට මහාවංශයේ සඳහන් වන වර්ෂ වැරදියි. ඒ සඳහ සංශෝධන ඉදිරිපත් වෙන්න ඕනිලු. නැතිනම් වෙන රටවල් වල ඉතිහාසයත් අපේ ඉතිහාසයත් හමු වන්නේ නැතිලු.
මේ අඩවියේම තිබෙන විදියට භාතිකාභය, මහා දාඨක මහානාග, ආමන්ඩ ගාමිණී යන යන රජගොල්ලා තුනම ඇවිත් තියෙන්නෙ රුහුණෙන්. ඒ වගේම රුහුනෙත් මේ කාලෙදි රාජධානියක් තිබිලා තියෙනවා. භාතිකාභය රජතුමා ගේ කාලයේදී රෝමයෙන් ගෙනාපු පබලු වලින් රුවන්වැලි සෑය සැරසූ බවකුත් වංශ කතාවල සඳහන් වෙනවා. මේ කාලයේ ක්‍රිපූ 2 සහ ක්‍රි:ව 4 අතර) රජවරුන් අතර මුහුද සහ එතෙර කතාන්දර කිහිපයක්ම වංශකතාවලත් ජනවහරෙත් තිබෙනවා. ක්‍රි:ව 100-200 අතර තමයි නීල මහා යෝධයාත් එක්ක පිටරටට ගිහින් සේනාවක් අරං ආවා කියලා තියෙන ගජබාහු රජතුමා ගැන වංශකතා වල සඳහන් වෙන්නෙත්. ගොඩවාය සහ අනුරාධපුර හා සම්බන්ධ ඉහල මහාතිත්ථ ගෝකන්න වැනි වරායන් ආසන්නයෙත් රෝම කාසි ඉපැරණී බඳුන් ආදිය සොයාගෙන තිබෙනවා.
මේ තොරතුරු සියල්ල එක්තැන් වුනොත් අපිට ලොරන්සු ද අල්මේදාට(ක්‍රි:ව 1505) කලින් ලංකාව සමඟ දියුනු නාවික සම්බන්ධතා තබාගත් රටවල් ගැන විස්තර සොයාගන්නට පුලුවන් වෙයි. සිංගප්පූරුව කියන රට තමුන්ගේ ඉතිහාසය මවලා පෙන්වන්න බොහෝම උත්සාහ කරනවා. ඒ වගේම ගොඩක් රටවල් තමුං අතීතයේදී ලොක්කන් වෙලා තියෙනවා කියලා පෙන්වන්න ලොකු උත්සාහක් ගන්නවා ඉතිහාසය තුලින්. නමුත් අපේ රටේ නාවුක බලය, නාවුක මධ්‍යස්ථානයක් විදියට ක්‍රිස්තු පූර්ව යුගවලදී පවා අපිට තිබුන නාවුක ශක්තිය ආදිය ගැන අපි එච්චර සලකන බවක් පේන්න නැහැ.
ආතර් සී ක්ලාක් මහත්තයා විසින් අපේ මුහුදෙ කිමිදිලා ගොඩක් දේවල් හොයාගෙන තියෙනවා. ආතර් සී ක්ලාක් බොහොම ජනප්‍රිය වෙලා තියෙන්නෙ විද්‍යා ප්‍රබන්ධ කරුවෙක් විදියට. නමුත් එතුමා වෘත්තිය දක්ෂ කිමිදුම් ශිල්පියෙක්. ලංකාවට අයිති මුහුදෙ ගොඩක් තැන් ගවේෂණය කරන්න ගිලුනු පරණ නැව් ගොඩගන්නත් අපේ ආතර් සී ක්ලාක් මහත්මයා උනන්දු වුනා. මහා රාවණා කොටුව, ත්‍රිකුනාමලය, ගාල්ල ආදි ස්තාන වල ඉතාම දුෂ්කර කාලගුනික තත්වයන් යටතේ එවකට තිබුන තාක්ෂනයෙන් එතුමා ගොඩක් දේවල් අපිට හොයල දීල තියෙනවා.
නමුත් ආතර් සී ක්ලාක් විසින් නිශ්පාදනය කරපු වාර්තා චිත්‍රපටියක් වෙන රන් මුතු දූව කියන චිත්‍රපටය නිසා පසුකාලීනව මුහුදේපරණ නැව් වල රත්තරන් හොයන්න ගිය පිරිස වැඩිවෙලා පුරාවස්තු විනාශ වුනා කියලාත් කතාවක් තිබෙනවා. ඒ වගේ අනතුරක් ක්ලාක් මහත්තයට හිතෙන්න නැතුව ඇති. කොහොම වුනත් ආතර් සී ක්ලාක් මහත්මයා නිෂ්පාදනය කරපු ඒ රන්මුතු දූව කියන්නෙ සාර්ථක චිත්‍රපටියක්..අපෙ සිනමා කර්මාන්තයේ එක්තරා කඩඉමක්.. දැන් මේක කියවලත් අර එච් සී පී බෙල් මහත්තයා සීගිරිය විනාස කලා වගේ ටොම් පච ගොතන සමහර අය ආතර් සී ක්ලාක් මහත්තයත් මුහුදේ තිබුන සිංහල නැව් විනාස කලා කියලා කතාන්දර ගොතන්න පුලුවනි. කොහොමත් කතාන්දර වලට අපේ අය දක්ෂයො නේ..
මේ ගොඩවායෙ කරපු කැණීම් සහ අධ්‍යන බොහොමයක් කරලා තියෙන්නෙ විදේශ ආධාර මත. සමහර තැන්වලදි ජර්මන් ජාතික පුරාවිද්‍යාඥයින් පවා තමුන්ගේ වියදමින් මේ ගොඩවාය අධ්‍යනය කරලා තියෙනවා. ඉතිං ඒ සුද්දො ඇවිත් අමාරුවෙන් මෙහෙ උන්ගේම සල්ලි වලිං කාල බීල මොකක් හරි හොයාගෙන විස්තරේ අපේ බුවෙක්ට කිව්වාම ඒක ලොකු පොල් අකුරෙන් පත්තරවල යනවා. අපි මෙහෙමයි හරමයි කියල ලොකුකම් කියවන්න බලං ඉන්න අපේ අයට ඉතිං ඒක කපුටන්ට කුනු මස් කෑල්ලක් ලැබුනා වගේ. . නමුත් අපි ජාතියක් විදියට මේ වගෙ දේවල් වලදි හරිම කම්මැලියි. අනුන් මොකක් හරි හොයාගෙන කොනකින් ලංකාව ගෑවුනොත් අන්න ඒ සුලු තැන අල්ලගෙන දඟලනවා නමුත් දෙයක් ක්‍රමානුකූලව අධ්‍යනය කිරීම අතින් අපි ෆේල්..
ඉපැරණි නගරයක නටඹුන් තිබෙන පොම්පෙයි නගරය බලන්න සමහර දවසට එන සංචාරකයින් ගණන 20,000කට වඩා වැඩියිලු සමහර දවසට. ලෝකයේ පුරාවිද්‍යා අඩවි කියන්නෙ සමහර රටවලට ධන උල්පතක්. පුරාවිද්‍යාව මගින් අනාවරණ කරන තාක්ෂණය, කලාව, ජීවන රටා ආදිය තුලින් අද දවසේ මනුෂ්‍යයින්ට ගත හැකි ආදර්ශ ආදිය බොහොමයක්ම තිබෙනවා. නමුත් ලංකාවෙ තවමත් පුරාවිද්‍යාව කියන්නෙ නිකං ඇඟට දැනෙන විශයක් නෙමෙයි. සුද්දො ආධාර දුන්නොත් උන්ට ඕනිවට වගේ කොහේ හරි ටිකක් හාරලා දානවා. ඉන් පස්සෙ ඒ විස්තර සංසරණය කරන්න ඒ හොයාගත් විස්තර ලෝකෙට දෙන්න වැඩපිලිවෙලක් තිබෙන බවක් පේන්නෙ නැහැ. මේ හැමදේටම රජයම කැපවෙන්න ඕනි කියන තැන ඉන්න බැහැ. අපේ රජයවල් හරි දුප්පත්.. දියුනු රටවල ධනවත් මිනිස්සු සල්ලි වියදම් කරලා මේ වගේ නව ව්‍යාපෘති ගැන අලුත් මානයකින් දකින්න උත්සාහ ගන්නවා. නමුත් අපේ රටේ ධනවත් මිනිස්සු හම්බ කරගත්ත සල්ලි ටික එකතු කරලා ඒ දියුනු රටවලට ගිහින් එහේ තියෙන සුපිරි ආතල් ටික අරගෙන ආයි මේ කොදෙව්වට ගොඩබහින්නෙ ආයෙමත් සල්ලි ටිකක් මේකෙං හූරගෙන ගිහින් අර දියුනු රටවල සැප ටිකක් ගන්නෙ කෝමද කියලා හිතාගෙන. ගොඩවායෙදි හොයාගත්ත තොරතුරු ටික පවා එක්තැන් කරලා අන්තර්ජාලයේ තිබිලා හමුවුනේ එකම එක ලිපියයි. ඒක බොහොම පැහැදිලිව විස්තර තිබෙනවා.
උපුටාගැනීම -http://ansathudinapotha.blogspot.com/2013/06/blog-post_11.html
Friday, September 5, 2014
කොනේශ්වරම් කෝවිල සහ පුරාණ ගෝකන්න විහාරය
Devotees gather at Tirukoneswaram sacred site, circa 1935 |
ගෝකන්න විහාරය යනු අවරුදු 1800 ක් ඔබ්බට ගිය ඉතිහාසයක් උරුම පුරාවිද්‍යාත්මක සහ ආගමික වටිනාකමක් ඇති පුදබිමකි. විවිධ වූ මුලාශ්‍ර ගණනාවක ගෝකන්න විහාරය සම්බන්ධ ඉතිහාස සිද්ධීන් ගණනාවක් ඇත. නමුත් ශෝකයට කරුණ වන්නේ එවන් ඉතිහාසයක් හිමි ගෝකන්න විහාරයට හිමි භෞතික ස්ථානය සහ නටඹුන් අද වන විට ඉතිහාසයෙන් මකා දමා ඇති බව අද බොහෝ දෙනා දන්නේ නැති කරුණක් බවට පත්වී ඇති නිසාය. ඔබ කොනේශ්වරම් කෝවිල වන්දනා කරන්නට යන්නේ නම් ඔබ යන මාර්ගයේ වම් පසින් නුතන ගෝකන්න විහාරය දකින්නට ලැබෙනු ඇත. නමුත් එහි මුල් ස්ථානය අද කොනේශ්වරම් කෝවිල ඇති ස්ථානය බව පවසන මුලාශ්‍ර එමට ඇත. දොළොස්වන සියවසේ මුල් භාගයේ ආරම්භ වන මෙහි ඉතිහාසය තහවුරු කරන කිරීම සක්ෂයක් අද දකින්නට ඇත.
1600 ගණන්වල පරංගින් විසින් කොන්ස්තන්තිනො දී ස යන පුද්ගලයාගේ නායකත්වයෙන් ගල මුදුනේ තිබු ස්තුපය සම්පුර්ණයෙන්ම විනාස කර ඇත. නමුත් ස්තුපය ඉදිරිපිට තිබු බෝධිය විනාශ කර නැත. කාලයාගේ ඇවෑමෙන් ප්‍රදේශයේ ද්‍රවිඩ ඝනත්වය වැඩිවෙන විට ඔවුන් ගල මුදුනේ තිබු ගසකට වන්දනාමාන කරන්නට පටන්ගෙන ඇත. මෙම ගස තිබු තැන ඇති ගසෙහි අදත් මිනිසුන් බාරහාර වීමට පැදුරු ගැට ගසති. කෙසේහෝ කාලයත් සමග ක්‍රමක් ක්‍රමෙන් මෙම ස්ථානය හින්දු කෝවිලක් බවට පත්වී අනතුරුව 1950 දශකයේදී පුරන ස්තුපය තිබු ස්ථානයේ තිබු ශෙලයමය අවශේෂ විනාශ කොට(ඇතැමෙක් පවසන්නේ නුදුරු මුහුදට දැමු බවය) අද පවත්නා කෝවිල ඉදි කල බවය. නමුදු අතිශය කණගාටුදායක කරුණ වන්නේ එහි තිබු පුරාණ බෝධියද මේ සමගම විනාශ කෙරිමය. ඉන් අනතුරුව බෝධිය තිබු ස්ථානය සම්පුර්ණයෙන්ම ඝන සිමෙන්ති ස්තරයකින් වස ඇත. මේබවට අදටත් කෝවිල ඉදිරිපිට ඇති ඝනකම් සිමෙන්ති ස්තරය සාක්ෂි දරනු ඇත.
අප කෝවිල වටා ඇවිදින විට අහම්බෙන් මෙන් පුරාණ නටඹුමක අවශේෂයක් දකින්නට ලැබුණි. පහත දක්වා ඇත්තේ එහි පින්තුරයකි.
මෙම ලිපියේ අරමුණ අද පවතින කෝවිල කඩා පුරාණ නටබුන් මතුකර ගැනීම නොවේ. නමුත් කෝවිලට යටවූ සත්‍ය පැහැදිලි කිරීමට කරන ලද තැතක් ලෙස මෙය දැක්විය හැකිය. අනාගතයේදී මෙවන් දේ නොවීමට අතීතයේ සිදු වූ මෙවන් සිදු වීම් අප හොඳින් දැනගෙන සිටීම අතිශය වැදගත්ය. එවිට ආගමික ගරුත්වය රැකගෙන දෙපාර්ශවයටම සිටිය හැකිය.
ත්‍රිකුණාමලයේ ගෝකන්න විහාරය–Buddhist temple but now turned into a Hindu Kovil (KONESHWARAM)
According to the chronicles the Gokanna Vihara was built by the king Mahasen in 3rd century. De Queyroz, a Portuguese historian says that the Gokana Vihara was a Buddhist temple until it was destroyed by Portugeese in the 16th century. According to him the Pagoda or the Stupa of the temple was destroyed by Portuguese Trincomalee’s ruler Costantino da Sa while Buddhist monks were still in residence there. Therefore, it is clear that the Gokkana Vihara was intact until it was destroyed by Portuguese in 16thcentury and was until then a famous Buddhist temple.