Monday, July 14, 2014
මිහිඳු පුරය සිංහලයන්ට අහිමි කිරීමේ කතාවේ ඇතුල් පැත්ත
ත්‍රිකුණාමලයේ ආන්දන්කුලම නොසන්සුන්ය. බෙහෙවින්ම නොසන්සුන්ය. අප මේ ලියන මොහොත වනවිට ගමේ මිනිස්‌සු මහ මගට බැස සිටිති. ඒ දශක හතරකට ආසන්න කාලයක් තිස්‌සේ තමන් ජීවත්වූ ගම්බිම් වලින් පලවාහරින්ට පෙර තමන්ගේ අවනඩුව රටට කීම සඳහාය. ඒ කතාව ගැන රටට කියන්නට පෙර මේ පසුබිම් කතාව කියා තැබුම රිසි යෑයි සිතේ.
යුද්ධය නිමාවූ බව සැබෑය. එහෙත් ත්‍රිකුණාමලයේ මිනිස්‌සු තවම ජීවත්වන්නේ යුද්ධය සමගය. තවමත් ත්‍රිකුණාමලයෙන් හමන්නේ වාර්ගික ම්ලේච්ඡත්වයේ පිළිකුල් සහගත පුළුටු ගඳය. ආගමික ගෝත්‍රිකත්වයේ අපුල දනවන දැකුම්ය. ආන්දන්කුලමේ මේ වෙමින් පවතින සිද්ධිය ඒ අසෝබන යථාර්ථයේ එක්‌තරා ආකාරයක හෙළිදරව්වකි.
සුළු ජාතියක් වීම මහා වේදනාවකි. ඒ වේදනාව මේ රටේ දෙමළ මිනිස්‌සු යම් ප්‍රමාණයක් අත්විඳිති. ඒ මානසික වේදනාව වටහාගන්නට අවශ්‍ය සිංහලයෙක් සිටීනම් ඔහුට ඒ අත්දැකීම රට තුළදීම ලබාගත හැකි පහසුම ස්‌ථානය වන්නේ ත්‍රිකුණාමලයයි.
ත්‍රිකුණාමලයේ සමස්‌ථ ජනගහණයෙන් සියයට තිහකට ආසන්න ප්‍රමාණයක් සිංහල මිනිස්‌සු ජීවත්වෙති. එහෙත් ප්‍රදේශයේ අති බහුතරයක් පරිපාලන කටයුතු සිදුවෙමින් තිබෙන්නේ ජාතිවාදයේ සුව නොවන තුවාල සහිත ද්‍රවිඩ පරිපාලන නිලධාරීන් අතිනි. මේ මිනිසුන් මෙහෙයවනුයේ මීට දශක හතරකට පෙර ත්‍රිකුණාමලයේ ද්‍රවිඩ හින්දු නගර සභාවේ පනත් සම්මත කරගෙන ගෝකන්න පුරාණ විහාරය සහිත ත්‍රිකු=ණාමලය කොටුව හින්දු ශුද්ධභූමියක් කරන්නට උත්සාහ කළ, නැගෙනහිර බෞද්ධ උරුමයේ ජීවමාන සංකේත වූ..